“Your desire, Our passion”
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන අංශයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගමක් වන Associated Motorways (Private) Limited ආයතනය 1949 වසරේ දී සංස්ථාගත කරන ලදී. එම සමාගම විසින් තම පාරිභෝගිකයින් වෙත මුල්‍ය පහසුකම් ඉතා පහසු හා කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් AMW Capital Leasing & Finance PLC නමින් ලීසිං සමාගමක් ආරම්භ කරන්නේ 2006 වසරේ ජූලි මාසයේදීය. 2008 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ "මුල්‍ය අධීක්ෂණ මණ්ඩලයේ" අනුමැතියෙන් මහජන තැන්පතු භාර ගැනීම සඳහා අනුමැතිය ලබා ගන්නා AMW Capital Leasing and Finance PLC ආයතනය 2011 අගෝස්තු මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මහජන සමාසමාගමක් බවට පත් විය.